නවතම අන්තර්ජාල චිත්‍රකතා සඟරාව දැන් සතිපතා

HOME | ABOUT USARTISTSSTORIES | MAGAZINE ARCHIVE | SPECIALS | CHITHRAKATHA CHARITHACONTACT US

Content Creator - Suppri Samarasinghe
ඔබේ සිත් ගත් චිත්‍රකතා චරිතයක හැඩ-රුව හා ගති-ගුණ පිළිබඳ චිත්‍රයක් මතකාවර්ජනයක් ලෙසින් ඔබ හමුවට ගෙන එන චිත්‍රකතා විශේෂාංගය. මෙහි චරිතවල අයිතිය එහි ගරු නිර්මාණකරුවන්ට හිමිවන අතර මෙහි පලවන ලිපිවල සම්පුර්ණ අයිතිය සුප්‍රී සමරසිංහ මහතා සතුවේ. ඔහුගේ අවසරය නොමැතිව උපුටාගැනීමට අවසර නැත

චිත්රකතාව දෘශ්ය මාධ්යයකි. චිත්රකතාවක් නිර්මාණය කරන්නේ රූප හා භාෂාව යොදා ගනිමිනි. චිත්ර කලාව හා සාහිත්යය සම්මිශ්රණයෙන් ගොඩනැගෙන චිත්රකතාව නෑකම් කියන්නේ කතන්දර කලාවටයි. පුරාණයේ සිට පැවත එන කතන්දර කලාව සකල කලාවන් අතරෙහි විහිද ගොස් ඇත. එහි වැඩි බලපෑමක් දක්වා ඇත්තේ සාහිත්යයට යි. සිනමාව, වේදිකා නාට්ය, ටෙලි නාට්ය පෝෂණය වී ඇත්තේ ද කතන්දර කලාවෙනි.

චිත්රකතාව ද පෝෂණය වූයේ ද මේ කතන්දර කලාවෙනි. කතාවක ප්රධාන අංග වන්නේ සිද්ධි දාමය හා චරිතයි. එහි පසුබිම විස්තර, චරිත ස්වභාවය, දෙබස් සහ හේතුඵල සම්බන්ධය ඇතුළත් වෙයි. චිත්රකතාවක කතන්දරයක් දිගහැරෙන්නේ විස්තර කථන, දෙබස් හා චරිත මාර්ගයෙනි.

ප්රකට මෙන් ම අප්රකට චරිත වෙයි. නැතිනම් නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයක් විය හැකිය. චරිතයක් නිර්මාණය කරන්නේ බාහිර හැඩ රුව හා ගති ගුණ ඉදිරිපත් කිරීමෙනි. හැඩ රුව විස්තර කළ යුතුය. ගති ගුණ ඉදිරිපත් කළ යුතු වන්නේ චරිතයේ ක්රියාකලාපය හෙළිවීමට ඉඩ ලබා දීමෙනි. චරිතයක් හඳුනා ගැනීමට චරිතයේ ඉතිහාසය, එනම් පෙළපත, උපත සිදුවූ ප්රදේශය, ජීවත් වන ප්රදේශය, වයස, ස්ත්රී පුරුෂ බව, අධ්යාපනය හා රැකියාව ආදී කරුණු දැන ගැනීම බෙහෙවින් වැදගත් වෙයි.

චිත්රකතා චරිතයක බාහිර ස්වරූපය නිර්මාණය වන්නේ රූපයෙනි. ශරීරයේ ප්රමාණය, පැහැය, කොණ්ඩයේ ස්වභාවය හා විශේෂ සළකුණු මගින් ශරීරයේ හැඩය නිර්මාණය වෙයි. ඒ චරිතය සැබෑ මිනිසකුගේ ස්වරූපය ගනියි. මනඃකල්පිත චරිතයක් නම් එය නිර්මාණ ශිල්පියා දකින ආකාරයෙන් ගොඩ නැගෙයි. සමහර විට ඒ චරිතය මනුෂ්යත්වය ඉක්මවූ වීරයෙකු ගේ, දෙවියෙකු ගේ, අත්භූත මිනිසෙකු ගේ යාන්ත්රික මිනිසකු ගේ හෝ සතෙකු ගේ විය හැකිය. ඉතිහාසගත සැබෑ චරිතයක් නම් ඒ චරිතය සැබෑ ආකාරයෙන් නිර්මාණය කිරීමට නිර්මාණ ශිල්පියා උත්සාහ ගනියි.

ගති ගුණ නිරූපණය කරන්නේ ඒ චරිතය කටයුතු කරන, හැසිරෙන ආකාරයෙනි. චරිතයේ අදහස් හා හැඟීම් ඉස්මතු කරන්නේ ව්යවහාර කරන භාෂාවෙනි. එනම් දෙබස් හා සිතුවිලි මාර්ගයෙනි. මේවා බොහෝ විට ඉදිරිපත් කරන්නේ “දෙබස් බැලුන්” තුළය.

error: Content is protected !!

සිත්තරා අන්තරජාල චිත්‍රකතා පත්‍රයේ පළවනුයේ අදාළ හිමිකරුවන්ගේ නිල අයිතිය හිමිවූ චිත්‍රකතා පමණි. වගකීම් සහිත ආයතනයක් ලෙස අදාළ නිර්මාණකරුවන්ගේ අයිතීන්ට සැමවිටම ගරු කරන කරමු.