නවතම අන්තර්ජාල චිත්‍රකතා සඟරාව දැන් සතිපතා

“සිත්තරා” චිත්‍රකතා පත්‍රය සහ චිත්‍රකතා වෙබ් අඩවියට නොමිලයේ තම වටිනා කාලය සහ හැකියාවන් නොමසුරුව පරිත්‍යාග කරන ලද සියලුම දෙනා අපට ඉතාමත් වටිනා සම්පත් වේ.

ඔවුන් චිත්‍රකතා ක්ෂේත්‍රයට කරනු ලබන මිල කළ නොහැකි මෙහෙය හා කාර්යභාරය වෙබ් පිටුවකට ගෙන ඒම අපගේ උත්සාහයයි. නමුත්, එය නියමාකාරයෙන් සකස් කිරීමට සහ පෙළගැස්වීමට ‘යම් කාලයක්’ ගත වන බව පෙනී ගියේ, ඒවා කිසිදු අඩුපාඩුවකින් තොරව ලොවටම පෙන්වා දිය යුතු හෙයිනි.

අප හා එක්වූ සියලුම නිර්මාණ ශිල්පීන්, රචකයින් හා පරිවර්තකයින්ගේ විස්තර ඉදිරි කාලයේ අංග සම්පූර්ණව චිත්‍රකතා වෙබ් අඩවියේ ඇතුළත් වනු ඇත. එමඟින් ලොවටම මෙම ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ තොරතුරු දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

error: Content is protected !!

සිත්තරා අන්තරජාල චිත්‍රකතා පත්‍රයේ පළවනුයේ අදාළ හිමිකරුවන්ගේ නිල අයිතිය හිමිවූ චිත්‍රකතා පමණි. වගකීම් සහිත ආයතනයක් ලෙස අදාළ නිර්මාණකරුවන්ගේ අයිතීන්ට සැමවිටම ගරු කරන කරමු.