නවතම අන්තර්ජාල චිත්‍රකතා සඟරාව දැන් සතිපතා

HOME | ABOUT USARTISTSSTORIES | MAGAZINE ARCHIVE | SPECIALS | CHITHRAKATHA CHARITHACONTACT US

Please Share

ත්‍රාස (ත්‍රාසජනක අත්දැකිම් තුළින් උපන්  රහස් පරීක්ෂකයා )

ආගමනය

මනඃකල්පිත වීරයන්ගේ චරිත අතරට “ත්‍රාස” පැමිණෙන්නේ බටහිර සිනමා නිර්මාණයක් වැනි ත්‍රාසජනක මෙන්ම රහස් පරීක්ෂක කතාවක චරිතයක් ලෙසය. 

හඳුන්වා දීම

ත්‍රාසය  (Thrill) යනු භීතිය, තැති ගැන්ම ලෙස අර්ථ දක්වා ඇත. “ත්‍රාසජනක ක්‍රියා” නැතිනම් “තැති ගන්වන” ක්‍රියා මගින් ත්‍රාසය ඇති වෙයි. “ත්‍රාස” නැමැති මෙම චරිතය ඒ නමින් හඳුන්වන්නට ඇත්තේ ත්‍රාසය අරුත ඇතිවය. 

චරිත නිර්මාණය

මධ්‍යම පාන්තික ධනවත් දෙමහල් නිවසක් හිමි පුරුෂයෙකි. බටහිර සිනමාවේ සටන් නළුවෙකුගේ ස්වරූපයෙන් හැඩරුව නිර්මාණය කර ඇත. හැඩරුව කඩවසම්ය. දේහධාරීය. රහස් පරීක්ෂක කතාවක ප්‍රධාන චරිතයක ආභාසය ද ලබා ගෙන ඇති බව පෙනෙයි.

සහායකයන්

බිරිඳ පත්මි, දියණිය චූටි

ශරීර ලක්ෂණ

අයෝමය පුරුෂයෙකුගේ වැනි V හැඩැති උඩු කයක් හිමිය. ශක්තිමත් ශරීරය උසට සරිලන මහතින් යුක්තය. මුහුණ දිගැති හැඩැතිය. කරාටේ සටන් ශිල්පියෙකුගේ ස්වරූපය ගනියි.

සටන් ක්‍රමය

නිව්රෝ ගේ සටන් වැදීමේ ක්‍රමය විශේෂ ය. නිරායුධ පුද්ගලයෙකු වන ඔහු බාහු බලය, පාද බලය හා ශරීරයේ ශක්තිය විනා කිසි විටෙක අවි ආයුද භාවිත නොකරයි. උපක්‍රමශීලීව සතුරා පරාදය කිරීමට හැකි හැම විටම උත්සාහ දරයි. සමහර විටක සතුරා ගේ අයුධ ම ඔවුන් මර්ධනය කිරීමට යොදා ගනියි.

ඇඳුම

අත් කොට හා කොලරය රහිත තිරස් ඉරි සහිත ටී කමිසයක් නිතර අඳියි. ලා පැහැති ඩෙනිම් කලිසමට මහත බඳ පටියක් පළඳියි.

විලාසිතා සහ ආභරණ
  • කොණ්ඩය : බෙල්ල දක්වා වැටී ඇති කොණ්ඩය හිසෙහි වම් පසින් පැත්තට පීරා ඇත. සයිඩ් බම්ප් සහිතය. 
  • රැවුල : රැවුල වවා නැත.
  • පාවහන් : ලේස් රහිත ලෙදර් සපත්තු පළඳියි.
  • පළඳනා : වමතෙහි අත් ඔරලෝසුවකි.
ගතිගුණ

අභියෝග වලට නිභයව මුහුණ දෙයි. රහස් පරීක්ෂකයෙකු වැනි සූක්ෂම බවකින් යුතුය. සිය බිරිඳට හා දියණියට දැඩි සේ ආදරය කරයි. සටනේ දී අධි ධාවනකාරී වෙයි.

සටන් විලාසය සහ විස්තර
බටහිර සිනමාවේ උද්වේගකර සටන් ජවනිකා වලට සමාන ලෙස සටන් වදියි. වේගවත්ව වාහන ධාවනයේ යෙදෙයි. එඩිතර සටන් විලාසයක් හිමිය. ආයුධ සන්නද්ධව  සහ ආයුධ රහිතව සටන් කරයි.
 
යම් වරදකට සිරගතව සිට ඉන් නිදහස ලැබූ ත්‍රාස යහපත් ජීවිතයක් ගත කරයි. එවකට සිරගතව සිටි මංකොල්ලකාරයින් පිරිසක් සිරෙන් පැන යාමට ඔහුගෙන් උදව් පතයි. ඊට එකඟ වුවද අවසාන මොහොතේ ත්‍රාස එය මගහැර ගැලවී පලා යයි. ත්‍රාස එසේ උදව් නොකර පලා යාමේ පලිය ගැනීමට එම මංකොල්ල කණඩායම ඔහු සොයා එන්නේ වසර දහ අටකට පසුවය. 
 
මංකොල්ල කණ්ඩායමේ “මර උගුලක්” වැනි සැලසුමකට මැදි වන ත්‍රාස, බිරිඳ පත්මි හා දියණිය චූටි ඉන් ගැලවෙන්නේ දැඩි පරිශ්‍රමයකින් යුතුව සටන් කිරීමෙනි. 
 
එහි ප්‍රතිඵලයක් ලෙස නව ලක්ෂයේ බැංකු මංකොල්ලයේ වැරදිකරුවන් වන මෙම පිරිස නීතිය හමුවට ගෙන ඒමට පොලීසියට හැකි වෙයි. ත්‍රාස ලබන මේ ත්‍රාසජනක අත්දැකීම ඔහුගේ ජීවිතය වෙනත් මානයකට ගෙන යනු ලබයි.
 
“සර් ! මට හොඳ අත්දැකීමක් ලබුණා අපරාධකාරයින් අල්ලන්න ! මමත් අද සිට රහස් පරීක්ෂණ වැඩවලින් රටට සේවයක් කිරීමටයි බලාපොරොත්තුව….” ත්‍රාස එසේ කියන්නේ ඒ.එස්.පී. මහතාටයි. 
 
“බොහෝම හොඳයි !  ත්‍රාසගේ  දක්ෂකම් මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් !”

(ස්තුතිය : නිමන්සා ප්‍රකාශනය වෙත)

©සුප්‍රි සමරසිංහ
[email protected]

error: Content is protected !!

සිත්තරා අන්තරජාල චිත්‍රකතා පත්‍රයේ පළවනුයේ අදාළ හිමිකරුවන්ගේ නිල අයිතිය හිමිවූ චිත්‍රකතා පමණි. වගකීම් සහිත ආයතනයක් ලෙස අදාළ නිර්මාණකරුවන්ගේ අයිතීන්ට සැමවිටම ගරු කරන කරමු.