අභූත චෝදනාවක් මත පෘතුගීසින් විසින් හිරභාරට ගන්නා ලද උඩවත්ත රාළ උපක්රමශීලීව නිදහස් කර ගන්නේ “ජනමිත්‍ර” ලෙස වෙස් වලාගත් වීරකේතු විසිනි.
උඩවත්ත රාළ සිරගෙයින් පැන යාම හේතුවෙන් උරණ වූ පෘතුගීසින් ඔහුගේ පවුලේ උදවිය සිරබාරයට ගනියි.
වීරකේතු ගේ පියා, ඔවුන් නිදහස් කර ගැනීමට පෘතුගීසින් හා සටන් කළ යුතුය යන තීරණයට එළඹෙයි. එහෙත් වීරකේතු පවසන්නේ පෘතුගීසින් සමග සටන් කිරීමට තරම් ශක්තියක් නැති බවයි. මේ නිසා වීරකේතු ගේ පියා ඔහු බියගුල්ලකු ලෙස හඳුන්වයි. ඊට පිළිතුරු ලෙස වීරකේතු පවසන්නේ ඉවසීමෙන් වැඩ කළ යුතු බවය. ඔහු තවදුරටත් පවසන්නේ ඔහුගේ කොටස ඔහු ඉටු කරන බවයි.
උඩවත්ත රාළගේ පවුලේ උදවිය නිදහස් කර ගැනීමට සූදානම්ව, වීරකේතු ගේ පියා සිංහලයින් පිරිසක් සමග ප්‍රතිකාල් කොටුව වෙත ගමන් කරයි.
එතැනට ජනමිත්‍ර පැමිණෙයි.
උපක්රමශීලීව හා සටන් කාමීව කටයුතු කිරීමෙන් උඩවත්ත රාළගේ පවුලේ උදවිය බේරා ගැනීමට ඔවුනට හැකි වෙයි.
එහෙත් එහිදී ඇහැළියගොඩ රාළට මරණීය තුවාල සිදුවෙයි. මරණාසන්න මොහොතේ දී ඔහු තම පුතු වීරකේතු ගැන විමසයි. එතැන දි තම වෙස්වලා ගැනීම ගැන හෙළිකොට සිය පියාට සමුදීමට වීරකේතුට සිදුවෙයි.
වසරක් ගත වූ පසුවත් ජනමිත්‍ර කවුරුන්දැයි යන්න ජනතාවට රහසක් වෙයි. “එහෙම කෙනෙක් නැතැයි කියල දැන් ඔය තැන් තැන් වල කියන්නෙ. ඔය ජනමිත්‍ර මහ මායාවක්ලු” යන ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වෙයි.
දිනක් වීරකේතු කන්ද උඩරට විමලධර්මසූරිය රජතුමා බැහැදකින්නට යමින් සිටියේ ඔහුගේ අවසරය ගෙන ගමුදාවට බැඳෙන්න්ටයි. ඒ ගමනේ දී අනපේක්ෂිත දෙයක් සිදුවෙයි. ඒ අතරමග දී උඩවත්ත රාළගේ දියණිය වන ප්රමිදාට කුලප්පු වූ මීමකුගෙන් සිදුවෙන්නට ගිය අනතුරින් ඇය බේරා ගන්නේ සිදුවීමය.
ප්රමිදා වීරකේතු හඳුනා නොගත්තත් ඔහුගේ මලයණ්ඩි වන උපතිස්ස ඔහු හඳුනා ගනියි. ඒ නිසා උඩවත්ත රාළගේ නිවසට ගොස් කතා බස් කිරීමට වීරකේතුට අවස්ථාව ලැබෙයි.
කන්ද උඩරට රජතුමා හමුවී, හමුදාවට බැඳී ආපසු එන ගමනේ දී වීරකේතුට ප්රමිදා හමුවෙයි. ප්රමිදා වීරකේතුගෙන් ජනමිත්‍ර ගැන විමසයි. ඔහු ඇයට සියලු විස්තර කියයි. පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙයි.
රජතුමා වීරකේතුට රාජකාරියක් පවරයි. ඒ සීතාවක රජවී සිටින ජයවීර බණ්ඩාර ගේ ලේඛන භාර නිලය කරවන කුරුවිට රාළට පණිවිඩයක් රැගෙන යාමයි. රජතුමා ඒ රාජකාරියම අජිත නම් හේවායා වෙත ද පවරයි. රජුගේ උපක්‍රමය වන්නේ එම පණිව්ඩය පෘතුගීසින් අතට පත් වෙන්නට ඉඩහැර, සිංහලයින්ට හතුරු වී සිටින ජයවිර බණ්ඩාර හා පරංගි හමුදාව කෙටවීමය.
වීරකේතු සිය රාජකාරිය අකුරට ඉටු කර නැවත පැමිණෙයි. එහිදී පරංගි සෙබළුන් හා සටන් කර ඔවුන්ගේ ඇදුම් ඇඳගෙන දේශසීමා තරණය කර සිය රාජකාරිය ඉටුකිරීමටයි ඔහුට සිදුවෙන්නේ.
එහෙත් අනෙක් පණිවිඩකරු වූ අජිත සතුරන් අතට පත් වී රජතුමා ගේ උපක්‍රමය සඵල වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජයවීර බණ්ඩාර රජු පෘතුගීසින් අතින් ඝාතනය වෙයි. පෘතුගීසි සෙබළුන් හා ජයවීර බණ්ඩාර රජුගේ සෙබළුන් අතර මහ සටන් ඇවිලෙයි.
වීරකේතුට අශ්වාරෝහක හමුදාවේ මහ සෙනෙවි පදවිය පිරිනමයි.
කන්ද උඩරට විමලධර්මසූරිය රජතුමා හා වීරකේතු සෙනෙවියාගේ නායකත්වයෙන් සිංහල මහා හමුදාවක් පෘතුගීසින් මෙරටින් තුරන් කිරීමට ඉදිරියට එයි. සටන ජයග්‍රහණය කරයි.
වීරකේතු හා ප්රමිදා අතර විවාහ ගිවිස ගැනීම සිදුවෙයි.