නවතම අන්තර්ජාල චිත්‍රකතා සඟරාව දැන් සතිපතා

HOME | ABOUT USARTISTSSTORIES | MAGAZINE ARCHIVE | SPECIALS | CHITHRAKATHA CHARITHACONTACT US

Please Share

වීරෝ - (නව යුගයේ වීරයා)

ආගමනය

වීරෝගේ ආගමනය සිදුවන්නේ, චිත්‍රකතා ලෝකයේ නිව්රෝ වැනි ඓතිහාසික පසුබිමක ජීවත් වූ වීරයකු, මේඝ වැනි වනගත වීරයකු, වීර තීසියස් වැනි ග්‍රීක පුරාවෘත්තයක එන වීරයකු බිහිව ඇති පසුබිමකය. ඒ අතරට පැමිණෙන “වීරෝ” නව යුගයේ වීරයෙකි.

 

“වීරෝ” කතාව දිග හැරෙන්නේ අති නවීන ආරක්ෂක උපකරණ හා උපක්‍රිමවලින් සමන්විත යුගයකය. එය එකතරා ආකාරයකින් විද්‍යා ප්‍රබන්ධයක විලාසය ගනියි. 

හඳුන්වා දීම

“වීරෝ” හඳුන්වා දී ඇත්තේ “ලොව හෙල්ලූ අලුත්ම වීරයා” ලෙසය. වීරයා හඳුන්වන “Hero” යන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම වන “වීරෝ” යන වචනය  ඔහු හඳුන්වා දීමට යොදා ගනියි 

චරිත නිර්මාණය
සුපර් මෑන් ආදර්ශයට ගෙන නිර්මාණය කළ චරිතයකි. එහෙත් ඔහු සාමාන්‍ය මිනිසකුට සමාන ලෙස ජීවිතයක් ගත කරන කෙනෙකි. එනම් වීරෝ මනුෂ්‍ය වීරයෙකු ලෙස හැඳින්විය හැකිය. 
 
එමෙන් ම ලොව ප්‍රකට රහස් පරීක්ෂයකු වූ ජේම්ස් බොන්ඩ් චරිතයෙහි සෙවනැල්ල ද ඔහුගේ චරිතය වටා ඇත. ජේම්ස් බොන්ඩ් කටයුතු කරන්නේ ද අති නවීන ආරක්ෂිත උපකරණ හා උපක්‍රම සමගය.
සහායකයන්

වීරෝ ගේ පෙම්වතිය “ටීනා” නම් වෙයි. ඇය සටනට ද දක්ෂ වන්නීය. “සීරෝ” නම් සුනඛ සුරතලා ද “හීරෝ” නම් අශ්වයා ද වීරෝට සහය වෙති. උන් දෙදෙනා ඒ සඳහා හොඳින් පුහුණු කර ඇත. 

ශරීර ලක්ෂණ

සුපර් මෑන් ආදර්ශයට ගෙන නිර්මාණය කළ චරිතයකි. කඩවසම් ශරීරය පැහැපත් ය. ශක්ති සම්පන්නය

සටන් ක්‍රමය

සන්නිවේදනයේ දී තාක්ෂණික උපකරණ භාවිත කරයි. නිරායුධව සටන් වදියි. ගුවනේ පාවී පා පහර දීමටත්, ප්‍රතිවාදියා ඔසවා පොළොවට පතිත කිරීමට තරම් ශක්ති සම්පන්නය. උපක්‍රමශීලීව සටන් කරයි. 

ඇඳුම

සුපර් මෑන් ගේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටියි. පපුවේ ඉංග්‍රීසි “V” අකුරේ හැඩය ඇති ලාංඡනයකි. උර හිසින් පිටුපසට වැටෙන පරිදි එල්ලෙන සාටකයකි.

විලාසිතා සහ ආභරණ
  • කොණ්ඩය : මනාව පීරා ඇති කොටට කැපූ කොණ්ඩය. ඉදිරි පසින් රැල්ලක් තබා ඇත. 
  • පාවහන් : නවීන පන්නයේ බූට් සපත්තු දෙකකි. 
  • පළඳනා : පළඳනා කිසිවක් නැත.
ගතිගුණ
තමා වෙත පැවරෙන වගකීම එ ආකාරයෙන්ම ඉෂ්ට කරයි අධිෂ්ඨානශීලීය. සතුරන්ට යටත් වූ අවස්ථාවේදී වුව පසු නොබසී. නවීන තාක්ෂණ උපකරණ පිළිබඳව දැනීමක් ඇත. 
 
ක්‍රියාන්විතය සහ විස්තර
වීරෝ ගේ පළමු ක්‍රියාන්විතය ඔහුට පවරන්නේ පොලිස් මූලාස්ථානයේ ඉන්ස්පෙක්ටර් නීල් විසිනි. එක්ස්ප්‍රස් දුම්රියක් “X” වලින් (රහස් සංකේතයකි) පිටත් වන වෙයි. දුම්රියෙහි ඇති නීති විරෝධී භාණ්ඩ (M2 ලෙස හඳුන්වන අන්තරාදායක රසායන ද්‍රව්‍ය ) රැගෙන යන දුම්රිය මැදියට ගොඩ වී එහි ඇති භාණ්ඩ විනාශ කිරීම එම ක්‍රියාන්විතය යි. 
එම භාණ්ඩ නම් මිනිසා අමරණීය බවට පත් කරන බෙහෙතක් සෑදීමට ගන්නා රසායන ද්‍රව්‍ය විශේෂයකි.
 
වීරෝ ගමන් කරන්නේ හීරෝ පිටය. ඔහුට සහය වීමට සීරෝ එක් වන්නේ නිවසේ ඇති නැරඹුම් පණිවිඩ උපකරණයට සම්බන්ධ වන ටැබ්ලටය ද බෙල්ලේ රඳවා ගෙනය. දුම්රිය පසු පස හඹා යන වීරෝ දුම්රිය වහල ගොඩ වෙයි. අනතුරුව භයානක රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන දුම්රිය මැදිරිය ගලවා ඉවතට ගෙන යාමට සමත්වෙයි.
 
ඉන් නොනැවතී නීරෝ නැමති විද්‍යාඥයා විසින් ඔහුගේ රසායනාගාරයේ සිදුකරනු ලබන, මිනිස් සංහතියට හා ස්වභාව ධර්මයට තර්ජනයක් වූ සොයා ගැනීම් අනාවරණය කර ගැනීම වීරෝට පැවරුණු අනික් භාරධූර කාර්‍යයයි. එනම් 
මිනිසා අමරණීය කරන බෙහෙතක් සොය ගැමීම, ලෝකයේ මින් පෙර විසූ හිට්ලර් වැනි භයානක මිනිසුන් නැවත ජීවමාන කිරීම හා දැනට අවුරුදු කෝටි ගණනකට පෙර ලෝකයේ විසූ භයානක ඩයිනෝසරයන් වැනි සතුන් නැවත ඉපදවීමයි.
 
විවිධ දුෂ්කරතා හා තාක්ෂණික උපද්‍රව මැද වීරෝ එම අභියෝගය ද ජය ගන්නා අතර නීරෝගේ නීති විරෝධි කටයුතු අනාවරණය කර ගනියි. ඉන්ස්පෙක්ටර් නීල් එම ක්‍රියාන්විතය සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔහුට මෙසේ ස්තුති කරයි. 
 
” වීරෝ කරපු මේ මහා වික්‍රමයට මම කොහොම ස්තුති කරන්නද මන්දා ! දැන් ඉතින් ලෝක සාමයට එල්ල වෙච්ච භයානක තර්ජනය ඉවරයි. දැන් අපට තියෙන්නෙ නීරෝවයි එයාගෙ ගෝල බාලයින්වයි අත් අඩංගුවට ගන්න එකයි. “

2024-04-21

©සුප්‍රි සමරසිංහ
[email protected]

error: Content is protected !!

සිත්තරා අන්තරජාල චිත්‍රකතා පත්‍රයේ පළවනුයේ අදාළ හිමිකරුවන්ගේ නිල අයිතිය හිමිවූ චිත්‍රකතා පමණි. වගකීම් සහිත ආයතනයක් ලෙස අදාළ නිර්මාණකරුවන්ගේ අයිතීන්ට සැමවිටම ගරු කරන කරමු.